නොකල වරද
"නොකල වරද"
අරලියගහ වංගුව ළඟ
පහන් කණුව ලං වුනා
හුස්ම ගන්න අමතක වී
තිරිංගයද තද වුනා..
වීදි පහන් යට දරුවෙක්
ඇමති රියට බිලි උණා
මරහඬ දී කෑරලෙකුත්
රෑ අහසේ ඉගිලුනා..
උපන්තෙකට නොගිය රියක
පසු අසුනම වෙන් වුනා
දෙගොඩහරියෙ ඇල්ල ළඟට
ඇමති එක්ක ඉගිලුනා..
ගුරු පාරෙදි ඇමති තුමත්
මොහොතක් කම්කරු වුනා
පාර අයිනෙ පිපි බිම්මල
ඔහුගෙ පයට පෑගුනා..
පුරුදු හඬන හඬ වැඩි වී
දෝංකාරෙ මතු වුනා
අනුන් අතින් උනු වරදක්
ඇල්ල නමට ලියැවුනා..
Comments
Post a Comment