මළ මලක්
"මල'සුන මත සුවඳ දිදී
රටා මවන විට කුසුමන්
බෝ ගසකට දැනෙන සතුට
වදනින් පැවසිය හැකිනම්...
කියයි සුවඳ පාට නිසා
නොවේ සතුටු වන්නේ මම්
සවස් වෙද්දි බෝ මළුවෙන්
පිටට වැටෙන පර කුසුමන්...
එකතු වෙලා පසුත් එක්ක
ගසට පොහොර කරන තරම්
මිසක පාට සුවඳ කුමට
ගසක් හැදෙන්නට මනරම්...
Comments
Post a Comment