ඉස්කෝලේ අරලියගහ

"බාලාංසෙ පුටු අරගෙන
වටේ තියලා පේළි හැදිලා
ඉගෙන ගන්න ලෝබ නැතුව
හෙවන දුන්න අරලියගහ.

චිත්‍ර කොලේ යටින් තියලා
උඩින් තදට පාට උළලා
රටා හදලා ලකුණු ගන්න
කොලේ දුන්න අරලියගහ

ඇමතිතුමා එන දවසෙ දි
පහන යටින් රටා මවපු
මඩු අතු ගොටු තුලට වෙලා
මල් එක්කලා හිනා වෙන්න
කොලත් දුන්න අරලියගහ .

පරලොව ගිය ලොකු සර්ගෙ
සොහොන අසල තනි රකින්න
ගුරු දිනයක් ඇතත් නැතත්
මල් පිපිලා සුවඳ දෙන්න
දරු දන් දුන් අරලියගහ ...

Comments

Popular posts from this blog

ඉරුම් රස්සාව 1

සංහිඳේ දෙයියන්ගෙ පාමුල ,ගී විමසුම

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ..ගී විමසුම..