කොළඹ ගස
නිමිත්ත- නගරය අලංකාර කිරීම සඳහා ග්රාමීය කැලයකින් ගෙනත් සිටවූ ගසක් නොසැලකිල්ල නිසා කෘෂ වී කොල්ලුපිටිය හන්දියේ දුක් විඳී...
හිතන් ඇත්තෙ
සැපෙන් කියලා
රජ සැප හෙම
ලැබෙයි කියලා....
සිදාදියට සිසිල දෙන්න
ගමේ ඉඳන්
මෙහෙ ගෙනල්ලා
සරු මුල් ටික ගමේ තියලා....
කොල්ලුපිටියෙ
හංදිය ලඟ
පට්ට අව්වෙ මං තනිවම..
මුහුදු සුළං නිති හැමුවට
සිසිලස නෑ ගමේ වගේ..
රෑන ගිරා රෑන පිටින්
පෙර දා වාගෙම එනවද
රස කර පල වැල බුදින්න
රස ගුණ දසතම බෙදන්න...
ඉඳ හිට හෝ මා බලන්න
මාන කොකෙක් දෙකෙක් එනවා
බේරෙ වැවේ ගඳත් එක්ක
මස් මාළු ම විතරක් කන...
පාර අද්දර කොහෙද ලස්සන
හිතත් ඇත්තේ නිතර ගැස්සෙන
බලන වාරේ හිතන ලස්සන
නාකි බල්ලොත් කකුල උස්සන.
Comments
Post a Comment