ගීතය සහ රසිකයා

"බුද්ධික ප්රදීප් අතුකෝරාල(Buddika Pradeep Athukorala) යනු මෑත භාගයේ මූණු පොත තුළ දුටු පාහරයෙකි....එසේ කියන්නට මම බිය නොවෙමි....මොහු කවියන්ගේ සංගීතඥයන් ගේ මතු නොව කලාකරුවනට ලැදි සහෘදයන්ගේ ද මුහුණු පොත් වලට රිංඟා ගනිමින් පළමුව මිත්රශීලී මුහුණක් පැළඳ සිටියේය...මොහු ඉතා අව්යාජ සහෘදයකු යැයි කල්පනා කළ අපි යම් නිර්මාණයක් බෙදාහදා ගැනීමේ දී පවා ඔහු ද ඊට එක් කර ගතිමු,,.එහෙත් ඉඳහිට මට ඔහුගේ ඇත්ත මුහුණ නොපෙනුනා ද නොවේ....අප පළකරන යම් අදහසක න්යායික කාරනා වලට වඩා ඕපදූපමය වටිනාකමට ඔහු බෙහෙවින් ඇලුම් කරන බව මට අවස්ථා ගණනකදී අවබෝධ වී තිබුණි....කලකට ඉහත මම එය ඔහුගෙන් විමසූ බව ද මට මතකය....ඔහු මිනිසුන්ට සිනහ වීමට හා අපහාස කිරීමට ප්රිය මනෝභාවයක් ඇත්තෙකු බව මම මගේ නිරීක්ෂණ තුළින් අවබෝධ කොටගෙන සිටියෙමි....ඔහු රත්න ශ්රී විජේසිංහයන් ගීත කොපි කරන්නෙක් ය යන ප්රකාශය ප්රසිද්ධ කළේ මේ අතරතුර දී ය...එහි කිසිදු ශාස්ත්රීය පදනමක් නොවුණි....එහෙත් ඔහු සිය අදහසට අපහාසය සහ ද්වේශය කැඳවා ගත්තේය...එය රත්න ශ්රී ඉලක්කකොට පහර දෙන තැනට ගෙන ගියේය...රත්න ශ්රීට පක්ෂව මත පලකරන්නන්ට ද අපහාස කිරීම ඇරඹූ මොහු ඉතා නින්දිත බසකින් ප්රතිචාර දක්වනු පෙනුණි.මා ඉහත පළ කොට ඇත්තේ රත්න ශ්රී විජේසිංහයන්ගේ "දියණියට" පිළිතුරු දෙන්නට ඔහු භාවිත කළ අශ්ලීල බසයි...කණගාටුවට කරුණ නම් මේවාට හූමිටි තබන පිරිස්ද ඔහුගේ සැබෑ උවමනාව නොදැන කටයුතු කිරීමය....රත්න ශ්රී යනු අප ජීවන ලාලසාව දැල් වූ විශිෂ්ට කවියෙකි.විද්වතෙකි,බහුස්රැතයෙකි.මගේ පරපුරට අකුටිලව මග කියූ ගුරු පඬිරුවනකි...ඉතා සරල මිනිසෙකි...ඔහු කියවන,හදාරන පාඨක සමාජයක් මේ මහ පොළවට අසීමිතව ප්රේම කරන බව අපි දනිමු...එබැවින් අපි කොන්දේසි විරහිතව මේ මහා කවියා වෙනුවෙන් පෙනී සිටිමු....තක්කඩියන්ගේ අශිෂ්ට උවමනා හඳුනා ගන්නැයි ද උන් ප්රතික්ෂේප කරන්නැයි ද මම ඔබෙන් ඉල්ලමි.
රවී සිරිවර්ධන"

ඉහත මා උපුටා දැක්වූයේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ සහ රංබණ්ඩා සෙනවිරත්නයන්ගේ ගීත දෙකක සමානතාවයක් ගැන මූණුපොතේ සටහනක් තැබූ මා කෙරෙහි ඇති වූ වෛරයේ උපරිම අවස්ථාව රවී සිරිවර්ධන මූණුපොතේ මුදා හැරි ආකරයයි.

ඔහුට අනුව ජනප්‍රිය සංගීතඥයන්ගේ ,කළා කරුවන් ගේ මා රිංගා ඇතිතේ හැකර් කෙනෙකු පරිදිය. ඔහු සිතන ආකාරයට මා ජනප්‍රිය පුද්ගලයෙකුගේ මිත්‍රත්වයක් ලබා ගැනීමටනම්.
1.මා එවන් පුද්ගලයකුට මිත්‍ර ඇරයුමක් යැවීමට ප්‍රතම රවී සිරිවර්ධන ගෙන් විමසිය යුතුය .
2.මා එවන් පුද්ගලයකුට යවන මිත්‍ර ඇරයුමක් අනුමත කිරීමට ප්‍රතම ඔහු රවී සිරිවර්ධනගෙන්  විමසිය යුතුය .
3.එවන් පුද්ගලයකු මා හට මිත්‍ර ඇරයුමක් එවීමට ප්‍රතම රවී සිරිවර්ධනගෙන් විමසිය යුතුය .
4.එවන් පුද්ගලයකු මා හට එවන ලද මිත්‍ර ඇරයුම අනුමත කිරීමට පෙර මා රවී සිරිවර්ධන ගෙන් විමසිය යුතුය ..

හැබැයි මම එලෙස නොකළෙමි .නොකරමි.මා ගෙනහැර දැක් වූ මතය ඔහු ඇතුළු පුද්ගල වන්දනාවේ යන බහුතරයක් පිරිසට රිදීමට කාරණයත් එයැමය.මූණුපොතේ සිටින (ඔහු කියන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රබලයින් පොදු මිතුරන් නොවන)අයෙකු ඉහත මතය ගෙනාවේනම් ඔහුට ගානක්කත් නැතිය.එහෙත් මා එම මතය ගෙන ඒම තුල එය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවදානය ඒ දෙසට යොමු වේ.එය ඔහුට දරාගෙන නොහැක.ඉවසිය නොහැක.රවී සිරිවර්ධන ව පේන්න බැරි පුද්ගලයෝ ද මෙතනදි රවී සිරිවර්ධන සමග සිට ගත්තහ.ඒ පුද්ගල වන්දනාව ඔවුනටද පොදු වූ කාරණාවක් නිසාවෙනි .

ප්‍රාර්ථනා සම්මානීගෙ ස්ටිකර් කමෙන් එකකට මා දැමූ අදහසක් අල්ලගෙන රවී සිරිවර්ධන කරන මෙම මඩ පෝස්ට් එක කලා කරුවෙකු වශයෙන් ඔහුට තරම් නොවන්නකි.ඔහු හරියට මා හුවා දක්වා ඇත්තේ ස්ත්‍රී දූෂකයෙකු පරිද්දෙනි.මා ගැන හොඳින්ම දන්නා සොයුර සොයුරියන් වන් අය ඊට හූමිටි තබා අනුමත කර ඇති ආකාරය දුටුවිට ඇතිවන්නේ කණගාටුවක් පමණි.

ඔහුගේ මිත්‍ර රුවන් මාපලගමයන් මා සමග යුධ වැදීමට ද සූදානම් ය.අනේ මිතුරනේ මට එසේ කිරීමට අවසි නැත.රවී සිරිවර්ධනයන් සමග ද මා කිසිම තරහක් වෛරක් නැත.මන්ද මා ඔහුගේද ආදරණීය රසිකයෙකු නිසාවෙනි.මා මේ සටහන මෙසේ මාගේ බ්ලොග් අඩවියේ සටහන් කරණුයේ එය මූණුපොතේ සටහන් කලහොත් එයද සංවාදයට තුඩු දී ඇතිවිය හැකි තත්වෙට අකමැති නිසාවෙනි ..

තවද රත්නශ්‍රී විජේසිංහයන්ගේ උක්ත නිර්මාණය ගැන විනා ඔහුගේ මහා නිර්මාණ සමුද්‍රය ගැන මා කතා කරේ නැත.
එසේ එම මහා නිර්මාණ සමුද්‍රය ගැන කතා කිරීමට තබා සිතීමටවත් මා සුදුස්සෙකු මා කිසි විටෙක සිතන්නේ නැත..
ආදරණීය පියාණනි ඔබට නිදුක් නීරෝගී චිර ජීවයම ලැබේවා .....

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ...

බුද්ධික ප්‍රදීප් අතුකෝරල ...
2017:08:14.

Comments

Popular posts from this blog

ඉරුම් රස්සාව 1

සංහිඳේ දෙයියන්ගෙ පාමුල ,ගී විමසුම

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ..ගී විමසුම..